43 වැනි ආසියාන් සමුළුව අද (5) ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරදී ආරම්භ විය. මෙවර සමුළුවේ තේමාව වන්නේ “ වර්ධනයේ කේන්ද්‍රය ආසියාන් සංගමයේ අරමුණක් වේ ” යන්නයි . ආසියාන් සංගමය කලාපීය ආර්ථික වර්ධනයේ කේන්ද්‍රස්ථානය බවත්, වේගවත් බව, වෙනස්කම් පිළිගැනීම මෙන්ම තිරසරභාවය සහිත ආර්ථික වර්ධනයක් පවත්වා ගෙන යනු ඇති බව මෙවර ආසියාන් සංගමයේ සභාපතිත්වය දරන රට වන ඉන්දුනීසියාව අවධාරණය කර ඇත.
මෙවර ආසියාන් සමුළුව හා නැගෙනහිර ආසියා සහයෝගිතාව පිළිබඳ නායකයින්ගේ සැසිය අද (5) සිට ලබන 7 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. එම කාලය තුළ 26 වන චීන- ආසියාන් (10+1) නායකයින්ගේ සමුළුව සහ 26 වන ආසියාන්-චීන-ජපන්-කොරියා (10+3) නායකයින්ගේ සමුළුව ද පැවැත්වෙනු ඇත. එමෙන්ම 18 වැනි නැගෙනහිර ආසියා සමුළුව ද පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
More Stories
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය