ප්‍රමිතිකරණය පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ(ISO) පාලන උපදේශන තාක්ෂණ කමිටුවේ ලේකම් කාර්යාලය බෙයිජිංහි දී ස්ථාපිත කෙරේ. එම සංවිධානය පිහිටුවා වසර 76ක් ගතවීමෙන් පසුව එහි පාලන ක්ෂේත්‍රයේ ලේකම් කාර්යාලයක් චීනයේ ආරම්භ කිරීමේ පළමු අවස්ථාව මෙයයි.
චීන ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන කමිටුවේ වාණිජ කර්මාන්ත කොමිසම විස්තර කරන අන්දමට, ප්‍රමිතිකරණය පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ ‘පාලනය’ යන්න මගින් නම් කෙරෙන තාක්ෂණික කමිටුවල සංඛ්‍යාව 15කි. මෙවර බෙයිජිංහි ස්ථාපිත එම සංවිධානයේ පාලන උපදේශන තාක්ෂණ කමිටුව, ආසියානු රටක් විසින්, සහ සංවර්ධනය වෙමින් පවතින රටක් විසින් එහි ලේකම් කාර්යාලය පිළිබඳ කාර්යභාරය භාර ගත් පළමු පාලන ක්ෂේත්‍රයේ තාක්ෂණික කමිටුව වේ.
චීන ජාතික විශේෂඥවරයෙකු විසින් එම පාලන උපදේශන තාක්ෂණ කමිටුවේ සභාපතිත්වය දැරීම, චීනයේ ක්‍රියාත්මක ප්‍රමිතිකරණ උපායමාර්ගය කෙරේ ජගත් ප්‍රජාව දක්වන ඉහල පිළිගැනීම පිළිබිඹු වී තිබේ.
More Stories
බාධකයක් වෙනුවට චීනයෙන් මිත්‍රත්වයේ නව දොරටුවක්
චීන-ඇමරිකානු සාකච්ඡා පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්