ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා 2023 ලොව ‘ඒ’ ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් 21දෙනා අතරට නම් කෙරේ.
නිව්යෝර්ක් මූලික කරගත් “ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව” විසින් සිදුකරන ලද වාර්ෂික සමීක්ෂණයට අනුව මෙය සිදු කර ඇත.
උද්ධමනය පාලනය, ආර්ථික වර්ධනය, මූල්‍ය ස්ථාවරත්වය හා පොලී අනුපාත කළමනාකරණය යනාදියේ සුවිශේෂ කාර්යය සාධනය සැලකිල්ලට ගනිමින් මහ බැංකු අධිපතිවරුන් සම්බන්ධයෙන් “ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව” 1994 වසරේ සිට වාර්ෂිකව මෙම ශ්‍රේණිගත කිරීම සිදුකරයි.
මෙවර ශ්‍රේණිගත කිරීම්වලට අනුව ‘ඒ’ ශ්‍රේණියේ පළමු ස්ථානය හිමිවී ඇත්තේ ඉන්දීය මහ බැංකු අධිපති ශ්‍රීකාන්ත දාස් මහතාටය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති