ඇමරිකාව විසින් වෙනිසියුලාවට පනවා ඇති ඒකපාර්ශ්වික සම්බාධක හේතුවෙන් එරට ඩොලර් බිලියන 22 කට වැඩි වත්කම් මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් අත්හිටුවා ඇත.
එරට නියෝජ්‍ය විදේශ අමාත්‍ය William Castillo මහතා පසුගිය දා මේ බව සඳහන් කර ඇතැයි වෙනිසියුලානු මාධ්‍ය වාර්තා කර තිබේ.
අත්හිටුවා ඇති වත්කම්වලින් ඩොලර් බිලියන 5 ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතු විශේෂ ගැනුම් හිමිකම් ලෙස පවතින බව William Castillo මහතා පවසා ඇත. කොරොනා වසංගතය අවසන් වීමෙන් පසු වෙනිසියුලාවේ ආර්ථිකය ප්‍රකෘතිමත්වීමට උපකාර කිරීම සඳහා මෙම මුදල් වෙනිසියුලා මහ බැංකුවට මාරු කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබිණ. නමුත් මේ වන තෙක් වෙනිසියුලා මහ බැංකුවට එම මුදල් ලැබී නැත.
More Stories
බාධකයක් වෙනුවට චීනයෙන් මිත්‍රත්වයේ නව දොරටුවක්
චීන-ඇමරිකානු සාකච්ඡා පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්