මෙවර මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරිපත්වු අපේක්ෂකයින් ස්වකීය වත්කම් හා බැරකම් ප්‍රකාශ සැප්තැම්බර් 6 වනදා හෝ එදිනට පෙර අදාළ තේරිම්භාර නිලධාරි හරහා හෝ සෘජුව කොමිසන් සභාව වෙත ලබාදිය යුතු බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සභාව පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවට තේරි පත්වු හෝ තෝරා යවන මන්ත්‍රීවරුන්ද වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදිමට කටයුතු කළ යුතු බවයි.
එ අනුව මෙතෙක් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ අසුන් ගැනිමට හෝ පාර්ලිම්න්තුවේ ඡන්දය භාවිතා කිරිමට පෙර තමන් තරඟ කළ දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරියා මගින් මැතිවරණ කොමිසන් සභාවට භාරදිය යුතුයි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්