චීනයේ පරිසාරික ආපදා අවම කිරීමේ HJ-2-06 චන්ද්‍රිකාව සාර්ථකව අභ්‍යවකාශ ගත කරයි.
එම චන්ද්‍රිකාව චීනයේ Taiyuan චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයෙන් අද(9)උදෑසන Long March-2C ප්‍රවාහක රොකට්ටුව මගින් ගුවන්ගත කෙරිණ. එම චන්ද්‍රිකාව නියමිත කක්ෂයට ඇතුළු වූ අතර මෙවර චන්ද්‍රිකා නිකුත් කිරීමේ මෙහෙයුම සාර්ථකව සම්පූර්ණ කර ඇතැයි වාර්තා වේ. මෙවර මෙහෙයුම හදිසි ආපදා අවම කිරීමේ “2+2 ” පෘථිවියට සාපේක්ෂව ආසන්න කක්ෂයක චන්ද්‍රිකා නිරීක්ෂණ පද්ධතිය මූලික වශයෙන් ස්ථාපිත කිරීමේ සංකේතයකි.
එම චන්ද්‍රිකා ජාලය ක්‍රියාත්මක කිරීමෙන් පසු එය ගංවතුර, සුළි කුණාටු, නාය යාම් සහ පාංශු ඛාදනය යන ආපදා නිරීක්ෂණ සඳහා වඩාත් ප්‍රබල සහායක් ලබා දෙනු ඇත. එමෙන්ම එය හදිසි සේවා කළමනාකරණය, ජෛව පරිසරය හා ස්වභාවික සම්පත් යන කර්මාන්ත සඳහා දත්ත සහාය ලබා දිය හැකිය.
More Stories
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය