චීනයේ නන්ෂා සමූහ දූපත් ආශ්රිත මුහුදු කලාපයට නීති විරෝධීව ප්‍රවේශ වූ පිලිපීන නෞකා චීන නාවික පොලීසිය විසින් පිටුවහල් කරනු ලබයි.
පසුගිය දා පිලිපීනයේ සැපයුම් නෞකා දෙකක් හා නාවික පොලිස් නෞකා දෙකක් චීන රජයේ අවසරයෙන් තොරව චීනයේ නන්ෂා සමූහ දූපත්වලට ආශ්රිත මුහුදු කලාපයට පිවිස ඇත. චීන නාවික පොලීසිය නීතිය අනුව ඉදිකිරීම් භාණ්ඩ රැගත් එම පිලිපීන නෞකාවල ප්‍රවේශ වීමේ උත්සාහයට බාධා කළේය. චීන නාවික පොලිස් දෙපාර්තමේන්තුවේ පුවත් ප්‍රකාශක ගන් යූ මහතා මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් ප්‍රකාශ කළේ චීන මුහුදු කලාපයේ සිදු කරන චීන ස්වාධිපත්‍යය උල්ලංඝනය කිරීම් වහාම නතර කරන ලෙස පිලිපීනයෙන් ඉල්ලා සිටින බවයි. නන්ෂා සමූහ දූපත් හා එහි ආශ්රිත මුහුදු කලාපය කෙරේ චීනයට අවිවාදයෙන් ස්වාධිපත්‍යය හිමි වේ. චීන නාවික පොලීසිය අඛණ්ඩව රටේ මුහුදු කලාපයේදී නීතිය ක්‍රියාත්මක කරන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.
චීන මුහුදු කලාපයට පිවිසුණු පිලිපීන නෞකා පිටුවහල් කෙරේ

More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ