යුධ හමුදා දිනය වන අගෝස්තු මස පළමු වනදා ආසන්න වීමත් සමග චීන කොමියුනිස්ට් පක්ෂ මහ ලේකම්, ජනාධිපති, මධ්‍යම යුද කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා පසුගිය 26 වනදා බටහිර යුද කලාපයට පැමිණ ගුවන් හමුදාව නිරීක්ෂණය කළේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හා මධ්‍යම යුද කොමිසම වෙනුවෙන් බටහිර යුද කලාපයේ සියළු ගුවන් හමුදා භටයන් වෙත ආචාරය යොමු කරමින් සියලුම චීන මහජන විමුක්ති හමුදාවේ නිලධාරීන් සහ භටයන්, සන්නද්ධ පොලිස් නිලධාරීන්, හමුදා සිවිල් නිලධාරීන් සහ හමුදා සංචිතයේ භටයන් වෙත ෂී ජින් පිං මහතා යුධ හමුදා දිනයේ සුභපැතුම් පිරිනැමීය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ ජීවගුණය, නව යුගයේ හමුදාව ශක්තිමත් කිරීමේ සංකල්පය හා නව යුගයේ හමුදා උපාය මාර්ගික මාර්ගෝපදේශය ගැඹුරින් අනුගමනය කළ යුතු ය. ඉන් හමුදා නවීකරණ මට්ටම වැඩිදියුණු කිරීම කඩිනම් කිරීම මෙන්ම පක්ෂය හා ජනතාව විසින් භාර දෙන විවිධ කාර්යයන් දැඩි ලෙස සම්පූර්ණ කළ හැකි බවද ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.
චීන ජනාධිපතිවරයා බටහිර යුද කලාපයේ ගුවන් හමුදාවේ නිරීක්ෂණයක

More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්