පසුගිය 25, 26 දෙදින චීන ජනාධිපති ෂී ජින්පිං මහතා Sichuan පළාතේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙයි.
එම කාලය තුළ ෂී ජින්පිං මහතා Guangyuan නගරයේ “Cuiyun” පැරණි මාර්ගය හා Deyang නගරයේ Sanxingdui කෞතුකාගාරය වෙත වෙන්වෙන්ව පැමිණියේය. එහිදී ඓතිහාසික සංස්කෘතික උරුමය, ජෛව ශිෂ්ටාචාරාත්මක සංවර්ධනය, ඓතිහාසික සංස්කෘතික නටබුන් ගවේෂණය හා අධ්‍යයනය, පුරාවස්තු ප්‍රතිෂ්ඨාපනය කිරීම පිළිබඳ තත්ත්වය ඔහු විමසුවේය.
මනා ආරක්ෂාව සහිත, විශාලතම පැරණි කෘත්‍රිම සයිප්‍රස් වනාන්තරයේ ඉදිවී ඇති “Cuiyun” පැරණි මාර්ගය, ජාතික නිධානයක් හා ලෝක හාස්කම් දර්ශනයක් ලෙස විරුදාවලි ලබා ඇත.
Sanxingdui නටබුන් ස්ථානය මීට පෙර වසර 4500ත් 2900ත් අතර කාලයේ පැරණි Sichuan සංස්කෘතිය හා සංවර්ධන තත්ත්වයේ පිළිබිඹුවකි. එය එම කාලය පිළිබඳ යැංසි ගංගා ආශ්‍රිත ප්‍රදේශය සතු පොහොසත්ම හා විශාලතම නාගරික නටබුන් ස්ථානය ලෙස ද හැඳින් වේ.
චීන ජනපති Sichuan පළාතේ නිරීක්ෂණ චාරිකාවක

More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ