චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එළඹෙන 27, 28 යන දෙදින ලෝක විශ්වවිද්‍යාල සිසුන්ගේ 31වැනි ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට එක් වීමට නියමිතයි. එම උත්සවයට එක් වන විදේශ නායකයන් පිළිගනිමින් ෂී ජින් පිං මහතා විවිධ ද්විපාර්ශ්වික ක්‍රියාකාරකම් පවත්වනු ඇත.
එකල ඉන්දුනීසියානු ජනාධිපති Joko Widodo, මොරිටේනියානු ජනාධිපති Mohamed Ould Ghazouani, බුරුන්ඩි රාජ්‍යයේ ජනාධිපති Évariste Ndayishimiye, ගයානානු ජනාධිපති Irfaan Ali, ජෝර්ජියානු අගමැති Irakli Garibashvili සහ ෆීජි රාජ්‍යයේ අගමැති Sitiveni Rabuka යන මහත්වරු එම සමාරම්භක උත්සවයට එක් වෙමින් චීනයේ නිල සංචාරවල නිරත වීමට නියමිතය.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්