විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ෆිෆා ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගය ආරම්භ වීමට පැය කිහිපයක් තිබියදී වෙඩි තැබීම වාර්තා වූ බවයි.
වෙඩි වැදීමෙන් තවත් පුද්ගලයින් 06 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ද ආරක්ෂක අංශ ප්‍රතිප්‍රහාර හමුවේ මියගොස් ඇතැයි වාර්තා වේ.
නවසීලන්තයේ ඕක්ලන්ඩ්හී පාපන්දු ක්‍රීඩිකාවන් බහුතරයකගේ නිවාස පිහිටි ප්‍රදේශයක මෙම වෙඩි තැබීම සිදුවීම පිළිබඳව පොලීසියේ අවධානය යොමු වී ඇතැයි සඳහන් ය.
නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් ප්‍රකාශ කළේ, වෙඩි තැබීම ත්‍රස්ත ක්‍රියාවක් හෝ දේශපාලනික අතපෙවීමක් බවට මූලික විමර්ෂණවලින් තහවුරු නොවූ බවයි.
එබැවින් සැලසුම් කළ පරිදි ෆිෆා ලෝක කුසලාන කාන්තා පාපන්දු තරග පැවැත්වීමට කටයුතු කරන බව නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා තහවුරු කළේ ය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති