එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයේ උපසභාපතිවරයෙකු ලෙස ශ්‍රී ලංකාව ඒකමතිකව තේරීපත්ව ඇත. ඒ අනුව රටවල් 193 විසින් උපසභාපතිවරුන් ලෙස නම් කරන ලද රටවල් 21ක අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතා 2023 සැප්තැම්බර් මාසයේ සිට 2024 සැප්තැම්බර් දක්වා ආසියා ෆැසිපික් කලාපය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් උපසභාපති ධුරය භාරගනු ඇත.
අලුතෙන් තේරීපත් වූ උපසභාපතිත්වය දරන රටවල්, චීනය, ප්‍රංශය, රුසියාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන ආරක්ෂක මණ්ඩලයේ ස්ථීර සාමාජිකයන් 5 දෙනා සමග එක්ව කටයුතු කිරීමට නියමිතයි. සාම සාධක මෙහෙයුම්, සාමය ගොඩ නැගීමේ ක්‍රියාවලීන්, වසංගත වැළැක්වීම ආදී කටයුතු වලදී ක්‍රියාකාරීව කටයුතු කිරීමට උපසභාපතිවරුන් ලෙස පත් වූ රටවල් ඉදිරියේ දී කටයුතු කරනු ඇත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති