ජුනි පළමුවනදාට යෙදෙන ජාත්‍යන්තර ළමා දිනය නිමිත්තෙන් චීන ජනාධිපති ෂීජින්පිං මහතා අද(31) බෙයිජිං නගරයේ යූයිං විද්‍යාලයට පැමිණ එහි ගුරුවරුන් හා සිසුන්ගේ සුවදුක් විමසා රටේ සමස්ත දරුවන් වෙත සුබ පැතුම් ද පිරිනැමුවේය.
දරුවන් රටේ අනාගතය මෙන්ම චීන ජාතියේම බලාපොරොත්තුව ද වේ. නව යුගයේ චීනයේ දරුවන්, සිය ජීවිතය ඉලක්ක හා සිහිනයන්ගෙන් යුක්තව අධ්‍යාපන කටයුතු හා ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට වැඩි සැලකිල්ලක් දක්වන, කෘතගුණ සහිත, මිත්‍රශීලි, කරුණාවන්ත සහනිර්මාණශීලිත්වයට උනන්දුවක් ඇති පරපුරක් විය යුතු යැයි ෂී ජින්පිං මහතා පැවසීය.
ඒ අනුව, චීන දරුවන්, ආචාරශීලි, දැනුමැති, ක්‍රීඩාවන්ට හා ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට දක්ෂ, මනා සෞන්දර්ය ආකල්පයන්ගෙන් යුතු, පූර්ණ ක්ෂේත්රවලින් වර්ධනය වන පරපුරක් විය යුතු බව ද ඔහු කියාසිටියි. සිය දෙමව්පියන්ගේත්, චීන කොමියුනිස්ට් පක්ෂයේත්, ජනතාවගේත් අපේක්ෂාවන්ට සරිලන සේ, ශිෂ්‍ය ශිෂ්‍යාවන් ශක්තිමත් මාතෘභූමියක් බිහි කිරීමට හා ජාතික පුනර්ජීවනය පිළිබඳ ඉලක්ක සාක්ෂාත් කිරීම සඳහා උද්යෝගයෙන් අධ්‍යාපන ලැබිය යුතු බව ද හෙතෙම අවධාරණය කර ඇත.
More Stories
පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ලොව පුරා රටවල් එක්ව ක්‍රියා කළ යුතුයි – චීන උප ජනපති
චීන-නෙදර්ලන්ත විදේශ ඇමතිවරුන් අතර සාකච්ඡාවක්
හාවර්ඩ් විශ්වවිද්‍යාලයට ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කර ගැනීම අවහිර කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දැඩි තීරණයක්