නව රජයේ අමාත්‍ය මණ්ඩලය මහනුවර ඵෙතිහාසික මඟුල් මඩුවේ දී හෙට (12) දිවුරුම් දීමට නියමිතයි. ආණ්ඩුවක කැබිනට් ඇමැතිවරු මහනුවර, ඓතිහාසික මඟුල් මඩුවේ දී දිවුරුම් දෙන පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වනු ඇති.

නව ඇමැති මණ්ඩලය කැබිනට් ඇමැතිධූර 25ත් 30ත් අතර ප්‍රමාණයකට සීමාවන අතර කැබිනට් ඇමැතිවරුන් දිවුරුම්දීමෙන් අනතුරුව ඊට සාපේක්ෂව රාජ්‍ය ඇමැතිවරු සහ නියෝජ්‍ය ඇමැතිවරු දිවුරුම් දෙන බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙයි.

රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ ලබාදී තිබෙන උපදෙස් එලෙසින්ම අනුගමනය කරමින් ඉතා චාම්ව ගිහි පැවිදි සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සැළසුම්කර තිබෙන බවයි වාර්තා වන්නේ.

By Widane

WP Twitter Auto Publish Powered By : XYZScripts.com