ඇමරිකානු යුධ නෞකාවක් චීනයේ Nansha දූපත් සමූහයේ ගල්පර ආශ්රිත මුහුදු ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් චීනය විශේෂ ප්‍රකාශයක් නිකුත් කරයි. ඇමරිකාවේ Milius මිසයිල නාශක නෞකාව ඊයේ(10) අනවසරයෙන් චීනයේ මෙම මුහුදු ප්‍රදේශයට පිවිසී ඇත. ඒ සම්බන්ධයෙන් චීන හමුදාවේ දකුණු ප්‍රදේශ ආරක්ෂක කලාපයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කර්නල් Tian Junli මහතා ප්‍රකාශ කළේ චීන හමුදාවේ අදාළ කලාපයේ නාවික හමුදාව හා ගුවන් හමුදාව එම නෞකාවේ සියලු ක්‍රියාවන් සමීපව නිරීක්ෂණය කළ බවයි.
දකුණු චීන මුහුදට අයත් දූපත් සමූහය හා ඊට ආශ්රිත මුහුදු ප්‍රදේශවල චීනයට අවිවාදිත ස්වෛරීත්වයක් ඇත. ඒ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් චීන හමුදාව සෑම විටම සුපරික්ෂාකාරීව සිටින අතර, ජාතික ස්වෛරීභාවය හා දකුණු චීන මුහුදු කලාපයේ සාමය හා ස්ථාවරත්වය තිරසර ලෙස ආරක්ෂා කරන බව ද හෙතෙම කියාසිටී
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්