චීන මාධ්‍ය සමූහයේ “ චීන ලක්ෂණවලින් යුත් නවීකරණය හා ලෝකයේ නව අවස්ථා ” තේමාගත සාකච්ඡා සභාවක් සාර්ථක වපැවැත්වේ.
එම සාකච්ඡා සභාව ඊයේ (23) හොංකොං හිදී පැවැත්විණ.අදාළ විශේෂ වැඩසටහන හොංකොං හි මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යඔස්සේ සමගාමීව වාර්තා කෙරිණ. හොංකොං විශේෂ පරිපාලන කලාපීය රජයේ මුදල් අමාත්‍ය චෙන් මාඕ බෝ , චීන ජාතික මහජනකොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සාමාජික ලි හුවෙයි ඡියොං , චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ සාමාජිකත්සා ගුවන් ෂෙන් ඇතුළු නිලධාරීහු එම සාකච්ඡා සභාවට එක් වූහ.
හොංකොං විශේෂ පරිපාලන කලාපීය රජය එක් රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තිය අඛණ්ඩ ව අනුගමනය කරමින් චීන මහ ගොඩබිමේසංවර්ධන උපාය මාර්ගයට අනුකූල ව කටයුතු කළ යුතු බව සාකච්ඡා සභාවට එක් වූවන් පවසා ඇත. චීනය චීන ලක්ෂණවලින් යුත්නවීකරණය වඩාත් ක්‍රියාශීලිව ඉදිරියට ගෙන යාමේදී හොංකොං විශේෂ පරිපාලන කලාපය ඊට එක් ව වඩාත් වැඩි දායකත්වයලබා දෙනු ඇතැයි ඔවුහූ පැවසූහ.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්