ආනමඩුව – මහකුඹුක්කඩවල – කොහොඹගස්වැව ප්‍රදේශයේ දී අද (10) අළුයම වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
මෙම පුද්ගලයා අද (10) අලුයම රැකියාවට යමින් සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති අතර සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ මුද්දලම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි එක්දරු පියෙක්.
මෙම සිදුවීමෙන් පසු, එම ස්ථානයට එකතු වූ ගම්වාසීන් වනජීවී නිලධාරීන්ට එරෙහිව චෝදනා කිරීම හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා.
වන අලි පහරදීම් වලින් මෙම ප්‍රදේශය අවට පුද්ගලයින් සිව්දෙනෙකු මෑතකදී මරණයට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.



More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්