තුර්කියට සහ සිරියාවට බලපෑ භූමිකම්පාවලින් මියගිය සංඛ්‍යාව 15,000 ඉක්මවා ගොස් ඇත. ගලවාගැනීමේ කණ්ඩායම්වල මන්දගාමී පැමිණීම පිළිබඳ ජනතාව කලකිරීමෙන් සිටින බව ද වාර්තා වේ.

ජනතාව මුදවා ගැනීම සඳහා කඩිනමින්ක්රියා නොකිරීම පිළිබඳ තුර්කි ජනාධිපතිතායිප් එර්ඩෝගන් මහතාට ජනතාවගේවිරෝධය ද එල්ල වී තිබේ.ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙහෙයුම් දැන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත් කිසිවෙකුට නිවාස අහිමි නොවන බවට පොරොන්දු වන බවත්ය.
දිවි ගලවා ගත් දහස් ගණනක් සුන්බුන් යට සිරවී සිටින බොහෝ දෙනෙකුට සියබලාපොරොත්තු සුන් කරමින් දැඩි ශීත කාලගුණයකට මුහුණ දීමට සිදු වී ඇති බව ද වාර්තා වේ.එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සංවිධාන මෙන්ම රටවල් ද මේ වන විටත් සහය දැක්වීම සඳහා ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ


More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්