අද (22) බෙයිජිංහි මහජන මහ ශාලාවේදී එම සම්මේලනය අවසන් විය. දින 7ක් පුරා පැවති එම සම්මේලනයේදී පාලක චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි මධ්‍යම කාරක සභාව , විනය පරීක්ෂාව පිළිබඳ 20වැනි මධ්‍යම කොමිසම තේරී පත් කෙරිණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි මධ්‍යම කාරක සභාවේ වාර්තාව, චීන කොමියුනිස්ට් පක්ෂයේ විනය පරීක්ෂාව පිළිබඳ 19වැනි මධ්‍යම කොමිසමේ කාර්ය සාධන වාර්තාව සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ද එහිදී සම්මත කෙරිණ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාතික කොංග්‍රසය සහ එම කොංග්‍රසය විසින් තෝරා පත් කරන ලද මධ්‍යම කාරක සභාව, පාලක චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ ම නායක ආයතන ය. චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාතික කොංග්‍රසය සෑම වසර 5කට වරක් පැවැත්වේ.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්