ඇමරිකාවේ දීර්ඝ කාලීනව පවතින අයුතු ලෙස පුද්ගලයන් රඳවා තබා ගැනීමේ ප්‍රශ්නය චීනය දැඩි ලෙස හෙළා දකී.
ඒ, පසුගියදා පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51වන සමුළුවේ තේමා රැස්වීමකදීය.
2021 වසරේ දී ඇමරිකාව සංක්‍රමණිකයන් මිලියන 1.7 කට වැඩි පිරිසක් රඳවාගෙන ඇති අතර ඒ අතරින් ළමුයි 45,000 ක් ඇතුළුව සියයට 80 ක පිරිස පෞද්ගලික රැඳවුම් ආයතන වල සිටින බව එහිදී චීන නියෝජිතයා පැවසීය. රැඳවියන්ගේ කායික හා මානසික සෞඛ්‍යයට විශාල වශයෙන් හානි සිදුවී ඇති අතර මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නිරන්තරයෙන් සිදුව ඇත.
සරණාගතයින් අයුතු ලෙස රඳවා තැබීම ඇතුළු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නතර කරන ලෙසත්, වින්දිතයින්ට සහන සහ වන්දි ලබා දෙන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්