ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ඇරෝන් ෆින්ච් සිය එක්දින ක්‍රිකට් දිවියට සමු දීමට තීරණය කර තිබෙනවා.
ඕස්ට්‍රේලියානු නිල ක්‍රිකට් වෙබ් අඩවිය වාර්තා කරන්නේ ෆින්ච් හෙට (11) නවසීලන්තය සමඟ ක්‍රීඩා කරන තෙවන එක්දින තරගයෙන් පසුව ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීමට සුදානම් බවයි.
ප්රවේගකාරි පිතිකරුවෙකු වන ෆින්ච් එක්දින තරග 145ක් ක්‍රීඩා කර ඇති අතර එහිදී ලකුණු 5401ක් රැස්කරගෙන තිබෙනවා. ඔහු ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ 24 වන එක්දින ක්‍රිකට් නායකයා ද වනවා.
More Stories
දේශපාලඥයන්ට මින් පසු ක්‍රීඩා සමාජ වල තනතුරු නෑ – ක්‍රීඩා අමාත්‍ය
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට