“මෙම දශකයේ චීනය, ෂින්ජ්‍යං උවේගුර් ස්වායත්තය” යන තේමාව යටතේ මාධ්‍ය හමුවක් 27වැනිදා ෂින්ජ්‍යං හිදී පැවැත්විණ.
ගත වූ වසර 10 තුළ ෂින්ජ්‍යං ස්වායත්තයේ යටිතල පහසුකම් සම්බන්ධතාව වැඩිදියුණු කරමින්, ද්විපාර්ශ්වික ජාත්‍යන්තර ප්‍රවාහන මාර්ග 118ක් විවෘත කරමින්, චීනයේ සමස්තයෙන් තුනෙන් එකකට හිමිකම් කියා තිබේ. ෂින්ජ්‍යං යුරෝපය හා සම්බන්ධ කෙරෙන අධිවේගී මාර්ගය නිම කර ඇති අතර කසකස්ථානය සමඟ දෙවන දුම්රිය මාර්ගය ක්‍රියාත්මක කර ඇත.
දේශසීමා හරහා ජාත්‍යන්තර දෘශ්‍ය කේබල් 26 ක් ඉදිකර ඇති අතර මහා මාර්ග, දුම්රිය, සිවිල් ගුවන් සේවා, නල මාර්ග සහ සන්නිවේදන ක්‍රම පහකින් යුත් සම්බන්ධතා ජාලයක් ද ඉදිකරමින් මූලික වශයෙන් අන්තර් සම්බන්ධතා ජාල පද්ධතිය ස්ථාපිත කර තිබේ.
වර්තමානයේ, ෂින්ජ්‍යං උවේගුර් ස්වායත්තය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට අදාළ රටවල් සමඟ ආර්ථික හා වෙළඳ හුවමාරු සහ සහයෝගීතාව ශක්තිමත් කර, රටවල් හා ජාත්‍යන්තර සංවිධාන 25ක් සමඟ සහයෝගීතා ගිවිසුම් 21 ක් අත්සන් කර තිබේ. එමෙන්ම රටවල් සහ කලාප 176 ක් සමඟ ආර්ථික හා වෙළඳ සබඳතා ස්ථාපිත කර ඇති අතර ජාත්‍යන්තර මිත්‍රත්ව නගර 45 ක් ස්ථාපිත කර තිබේ
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්