රුසියා-යුක්රේන යුද්ධය හේතුවෙන් ඉන්දියාව පාන්පිටි ආනයනය නතර කර ඇත.
එම නිසා ඉන්දියාව සතු පාන්පිටි සංචිතය ආරක්ෂිත සංචිතයක් ලෙස පවත්වා ගෙන යාමට එරට රජය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාව පාන්පිටි ආනයනය කළේ ඉන්දියාවෙනි.
කඩිනමින් ඉන්දියාවෙන් පාන්පිටි ආනයනය කිරීමේ හැකියාවද පැවැති බව ආනයනකරුවන් පවසති.
මේ වන විට තුර්කියෙන් පමණක් පාන්පිටි ආනයනය කිරීමේ හැකියාව ඇත.
එහෙත් ඇණවුම භාර දී මාස දෙකක පමණ කාලයක් පාන්පිටි ලැබීමට ගත වන බවද ආනයනකරුවන් වෙළෙඳ අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
මෙම ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු සහ පාන්පිටි ආනයනකරුවන් අතර පෙරේදා (29 වැනිදා) වෙළෙඳ අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති