මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර ඊයේ (11) රාත්‍රියේ වීථි සංචාරය කෙරුණා.
ඒ අනුව අද (12) අලුයම ගැටඹේ තොටේදී දියකැපුම් මංගල්‍යය සිදු කෙරුණු අතර දවල් පෙරහර දිවා කාලයේදී මහනුවර නගරයේදී වීථි සංචාරය කිරීමට නියමිතයි.
අනතුරුව මහනුවර ජනාධිපති මන්දිරයේදී දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑළ විසින් පෙරහර මංගල්‍යය නිල වශයෙන් සමාප්ත කල බව දැක්වෙන සංදේශය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදීමට නියමිතව තිබෙනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති