පෞද්ගලික සංචාරයක් සඳහා පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දින 14 ක කෙටි කාලීන සංචාර අවසර පත‍්‍රයක් ලබා දී ඇති බව සිංගප්පූරු ආගමන විගමන බලධාරින් පවසනවා.
ඒ මහතා ගුවන්තොටුපොළින් රටට ඇතුළුවන අවස්ථාවේ මෙම කෙටිකාලීන පිවිසුම් අවසර පත‍්‍රය නිකුත් කර ඇති බව සඳහන්.
ශ‍්‍රී ලාංකිකයින්ට සාමාන්‍යයෙන් දින 30 ක කාලයක් මෙම අවසර පත‍්‍රය දීර්ඝ කර ගත හැකි වුවත් ඒ සඳහා මාර්ගගත ක‍්‍රමයට ඉල්ලුම් කළ යුතු වනවා.
පසුගිය 14 වැනි දා පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා සරණාගතභාවය ඉල්ලා නොමැති බවත් ඔහුට දේශපාලන රැකවරණ ලබා දීමක් කර නොමැති බවත් සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කළා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති