ශී‍්‍ර ලංකා – පාකිස්තාන පළමු ටෙස්ට් තරඟයේ අවසාන දිනය අදයි.
ඒ අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 342 ක ඉලක්කය සපුරා ගැනීම සදහා පාකිස්ථාන කණ්ඩායමට තවත් ලකුණු 120 ක් අවශ්‍ය වනවා.
ඒ සඳහා ඔවුන්ට ඉතිරිව ඇත්තේ කඩුඵ 7 ක් පමණයි.
නොදැවී කඩුල්ලේ රැඳී සිටින අබ්දුල්ලා ෂෆීක් ලකුණු 112 ක් සහ මොහොමඩ් රිස්වාන් ලකුණු 7 ක් ලබාගෙන සිටිනවා.
ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන මෙම තරඟයේ පළමු ඉනිම සඳහා ශී‍්‍ර ලංකාව ලකුණු 222 ක් සහ දෙවැනි ඉනිම සඳහා ලකුණු 337 ක් රැස් කළා.
පාකිස්තානු කණ්ඩායම පළමු ඉනිම සඳහා රැස් කලේ ලකුණු 218 ක් පමණයි.
ඒ අනුව ඔවුන් සිය දෙවැනි ඉනිම සඳහා මේ වන විට කඩුළු 3 ක් දැවී ලකුණු 222 ක් රැස්කරගෙන සිටිනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති