මාලදිවයින හරහා සිංගප්පූරු බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් ජුලි 14 වැනිදා මාලේ ගුවන් තොටුපොළේ දී ජනපති ගෝඨාභය රාජපක්ෂ රැගෙන යාම ප්‍රතික්ෂේප කරමින් උඩුගුවනේදීම යළිත් ඉන්දියාවටම හරවාගෙන ගිය බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.
ඉන්දියාවේ සිට ගුවන්ගත වූ මෙම යානය නැවත ඉන්දියාවට ගෙන්වාගෙන ඇත්තේ මාලදිවයිනට යාමට ගුවන් ගතවී පැය භාගයකට පසුවය. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හා ජනපති බිරිඳ එම යානයෙන් රැගෙන යාම ප්‍රතික්ෂේප කරමින් නැවත හරවාගෙන එන ලෙස නියමුවන්ට උපදෙස් දී ඇතැයි හෙළි වී තිබේ.
ජනපතිවරයාව මාලදිවයිනේ සිට සිංගප්පූරුවට රැගෙන යාමට ගුවන් යානා තුනක් පමණ සූදානම් කළද විවිධ ජාත්‍යන්තර බලපෑම් නිසා එම ගුවන් යානා ජනපතිවරයා රැගෙන යාම ප්‍රතික්ෂේප කළ බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවැසීය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති