හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට නිදහස ලබා දීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මේ සම්බන්ධයෙන් හෙතම අදාල අංශ වෙත උපදෙස් ලබා දී ඇති බවද වාර්තා වේ.
මේ වන විට රංජන් රාමනායකට නිදහසට අදාල ලියකියවිලි අගවිනිසුරු සහ නීතිපති හමුවට යොමු කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර යන මන්ත්‍රීන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස වැඩබලන ජනාධිපතිවරයා මෙම ක්රීයා මාර්ගය ගෙන ඇති බව පැවසේ.
මේ සම්බන්ධයෙන් අරුණ වෙබ් අඩවිය කළ සොයා බැලීමේදී බන්ධනාගාර ආරංචිමාර්ග පැවසූවේ එවැනි සාකච්ඡාවක් යන බව ඔවුනටද දැනගන්නට ලැබී ඇති බවයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති