LPL හෙවත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 03 වන අදියරේ ක්‍රීඩකයින් ලැයිස්තු ගත කිරීම අද සිදු කිරීමට නියමිතයි.
මෙම ලැයිස්තුව සඳහා දේශීය ක්‍රීඩකයන් 173 දෙනෙකු සහ විදේශීය ක්‍රීඩකයින් 180 දෙනෙකු ඇතුළත් වනවා.
මෙවර තරඟාවලියේ එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 20 දෙනෙකු ඇතුළත් වන අතර ඉන් 14 දෙනෙකු දේශීය ක්‍රීඩකයින් වන අතර අනෙක් 06 දෙනා විදේශීය ක්‍රීඩකයන් විය යුතු බවට තීරණය කර තිබෙනවා.
එමෙන්ම දේශීය ක්‍රීඩයින් 04 දෙනෙකු සහ විදේශීය ක්‍රීඩකයින් 02 දෙනෙකු ලෙස අතිරේක ක්‍රීඩකයන් තබා ගත හැකි වනු ඇති.
මෙවර LPL තරඟාවලිය ලබන 31 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
More Stories
දේශපාලඥයන්ට මින් පසු ක්‍රීඩා සමාජ වල තනතුරු නෑ – ක්‍රීඩා අමාත්‍ය
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට