ලංකා අයි. ඕ. සී සමාගම විසින් ඊයේ (02) මධ්‍යම රාත්‍රිය දක්වා ත්‍රිකුණාමලය ඉන්ධන ගබඩාවෙන් ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු සිදුකර තිබේ.
ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සඳහා ඊයේ දිනයේ සිට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ටැංකි රථ ද යොදාගෙන ඇති බව වාර්තා වේ.
රටතුළ පවතින ඉන්ධන හිඟයත් සමග ලංකා අයි. ඕ. සී සමාගම විසින් සිය ඉන්ධන බෙදා හැරීමේ කටයුතු පුළුල් කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව, අඛණ්ඩව කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පිරවුම්හල් සඳහා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදුකිරීමට ලංකා අයි. ඕ. සී සමාගම පියවර ගෙන තිබේ.
තවත් ඩීසල් සහ පෙට්‍රල් නෞකා 03ක් ඉදිරි මාස එකහමාරක කාලය තුළ දිවයිනට පැමිණීමට නියමිත බව ලංකා අයි. ඕ. සී සමාගම සඳහන් කළේය.
මේ අතර, ලංකා ඛනිජ තෙල් සංස්ථාව තවදුරටත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු නතර කර ඇති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා සඳහන් කළේය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති