මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.
පාසැල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්ද්‍රව්‍ය අලවිකරිමට උත්සාහකල සැකකරු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව වැලිකඩ පොලිස් වසමේදි අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
සැකකරු සන්තකයේ තිබී සව් කොල වල ඔතන ලද කේරළ ගංජා ග‍්‍රෑම් 32 යි මිලි ග‍්‍රෑම් 68 ක් හමුව තිබෙනවා.
සැකකරු විසින් මෙම ගංජා සුරුට්ටු, රාජගිරිය ජනාධිපති විද්‍යාලය අසල මාර්ගයේ දී පාසැල් ළමුන් ඉලක්ක කර ගනිමින් අලවි කිරිම සඳහා සූදානම් කොට තිබූ බවයි පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ.
වයස අවුරුදු 50ක පුදගලයෙක් වන සැකකරු වැඩිදුර විමර්ශණ කටයුතු සදහා වැලිකඩ පොලිස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති