තම පර්යේෂණකයින් විසින් කොවිඩ්-19 වෛරසයට එරෙහිව සාර්ථක එන්නතක් නිපදවා ඇති බවත් ඔක්තෝබර් මාසයේ දී කොවිඩ්-19 වෛරසයට එරෙහිව විශාල එන්නත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානම් වන බවත් රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිඛයිල් මුරෂ්කෝ පවසයි.
මෙම එන්නත මුලින්ම ලබා දෙන්නේ වෛද්‍යවරුන් සහ ගුරුවරුන්ට බවත් ඔහු සඳහන් කළේය.
නිර්නාමික ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පැවසුවේ රුසියාවේ පළමු විභව එන්නත මේ මාසයේ නියාමකයින් විසින් අනුමත කරන බවය.
කෙසේ වෙතත්, ඇතැම් විශේෂඥයින් රුසියාවේ වේගවත් ප්‍රවේශය පිළිබඳව දැඩි විමසිලිමත්භාවයෙන් පසුවේ.
More Stories
ජගත් ප්‍රජාව සමග එක්ව සුරක්ෂිත ලෝකයක් ගොඩනැංවීමට සූදානම් — චීනය
ඇමරිකාවේ ක්‍රියාවන් එරට සිටින චීන සිසුන්ගේ නීත්‍යනුකූල අයිතිවාසිකම්වලට හානියක්, චීනයෙන් දැඩි විරෝධය
“තායිවාන බෙදුම්වාදය” පසුපස හඹා යාමේ කිසිදු ප්‍රතිඵලයක් නැහැ – චීනය