ලබන සතියේ පාසල් පවත්වන ආකාරය සම්බන්ධයෙන් අද දිනයේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.
අධ්‍යාපන බලධාරීන් අද සමාලෝචනයක් සිදුකිරීමෙන් අනතුරුව ඉදිරි සතියේ අධ්‍යාපන කටයුතු සිදුකරන ආකාරය තීරණය කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය කියා සිටියේ.
ඉන්ධන අර්බුදය හමුවේ පැන නැගී ඇති ප‍්‍රවාහන අසීරුතා හේතුවෙන් ගත වූ සතියේ දී කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් සහ බස්නාහිර පළාතේ සියලු ප‍්‍රධාන නගරවල පාසල් සඳහා නිවාඩු ලබා දීමට එම අමාත්‍යාංශය තීරණය කළා.
ප‍්‍රවාහන ගැටළු නොමැති දිවයිනේ සියලුම ග‍්‍රාමීය පාසල් විදුහල්පතිවරුන්ගේ අභිමතය පරිදි පවත්වාගෙන යාමටත් තදාසන්න නගරවල පාසල් අධ්‍යයන කටයුතු ඔන්ලයින් ක‍්‍රමයට සිදු කිරීමටත් අවස්ථාව ලබා දී තිබුණා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති