ආධාර සමුළුවක් සංවිධානය කිරීමට අපේක්ෂා කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයෙ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
විශේෂ ප‍්‍රකාශයක් කරමින් අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කලේ චීනය, ඉන්දියාව සහ ජපානය එම සමුඵව සඳහා සහභාගි වන බවයි.
මෙම රාජ්‍යයන් දීර්ඝ කාලයක සිට ශී‍්‍ර ලංකාව සමඟ සම්බන්ධතා පවත්වන ඓතිහාසික මිතුරු රාජ්‍යයන් බව ද රනිල් වික‍්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා.
ඉන්දීය රජයේ උසස් නිලධාරීන් තිදෙනෙකු හෙට දිනයේ මෙරටට පැමිණෙන බවයි අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ.
අමෙරිකානු භාණ්ඩාගාර නිලධාරීන් පිරිසක් ද ලබන සතියේ මෙරටට පැමිණීමට නියමිතයි.
මෙරටට ලබාදිය හැකි සහාය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවල දී අවධානය යොමු කරනු ඇති.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති