කසුන් රාජිත සහ මතීෂ පතිරණ ආබාධවලට ලක්වීම හේතුවෙන් ඔවුන් දෙදෙනා ඔස්ටේ‍්‍රලියාව සමඟ පැවැත්වෙන පන්දුවාර 20 යි 20 ක‍්‍රිකට් තරඟාවලියෙන් ඉවත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.
පුහුණුවීම් අතරතුර දී එම ක‍්‍රීඩකයින් ආබාධවලට ලක්ව ඇති බව සඳහන්.
මේ හේතුවෙන් සංචිතයට ආදේශක ක‍්‍රීඩකයින් දෙදෙනෙකු නම් කර තිබෙනවා.
ඒ අනුව අසිත ප‍්‍රනාන්දු සහ ප‍්‍රමෝද් මදුෂාන් කැඳවා ඇති බවයි ක‍්‍රිකට් ආයතනය නිවේදනය කලේ.
පළමු තරඟයේදී වම් අතෙහි ආබාධයක් ඇති වූ ඕස්ටේ‍්‍රලියානු වේග පන්දු යවන ක‍්‍රීඩක මිචෙල් ස්ටාක් ට අද තරඟය ද ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති.
දෙරට අතර තුන්වන හා අවසන් 20යි 20 තරඟය අද රාත‍්‍රී 7ට මහනුවර, පල්ලේකැලේ ක‍්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
More Stories
දේශපාලඥයන්ට මින් පසු ක‍්‍රීඩා සමාජ වල තනතුරු නෑ – ක‍්‍රීඩා අමාත්‍ය
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට