චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ස්චුවාන් පළාතේ මෙයිෂන් නගරයේ සංචාරයක නිරත විය.
ඊයේ(8) උදෑසන ෂී ජින්පිං මහතා මෙයිෂන් නගරයේ දොංපෝ දිස්ත්‍රික්කයේ යොංෆෙං ගම්මානයට හා අතීතයේ සූ ෂුන්, සූ ෂී හා සූ ච නම් විශිෂ්ට සාහිත්‍යධරයන් වූ පිය-පුත් තිදෙනාගේ අනුස්මරණ ශාලාව නැරඹීමට ද එක් විය.එහි දී ප්‍රමිතිගත වගාබිම් සංවර්ධනය, ආහාර නිෂ්පාදනය, ගම්මාන සශ්‍රීක කිරීම, වසංගත පාලනය හා ඓතිහාසික උරුම සුරැකීම පිළිබඳ තත්ත්වය චීන ජනාධිපතිවරයා ගේ විමසුමට ලක්විය.
වසර හතරකට පෙර ද ෂී ජින්පිං මහතා ස්චුවාන් පළාතේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එම අවස්ථාවේ දී රටෙහි දිළිඳුකම පිටුදැකීමේ සටනින් ජය ගැනීමට නිරවද්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා සභාවක් ද ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. චීන භූමිය මත වසර දහස් ගණනක් පුරා පවතින අන්ත දරිද්‍රතා ගැටළුව, අප පරපුර විසින් ඓතිහාසිකව විසඳා ගනු ලැබෙනු ඇතැයි ඔහු එහිදී දැඩි අධිෂ්ඨානයෙන් යුක්තව ප්‍රකාශ කළේය.
More Stories
චීන ජනපතිට කසක්ස්ථානයේ ජනපතිගෙන් උණුසුම් පිළිගැනීමක්
චීන-මධ්‍යම ආසියානු තිරසර සහයෝගීතාව කැළඹිලි සහිත ලෝකයට දීප්තිමත් බලාපොරොත්තුවක්
චීන ආර්ථිකයේ අඛණ්ඩ සංවර්ධනයක්