ශ්‍රී ලංකන් ගුවන්සේවය ප්‍රතිව්‍යුහගත කිරීම මේ වසර තුළදීම අවසන් කළ යුතු බව වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කටුනායක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිදහස් සේවක සංගමය සමග පැවති හමුවකදීයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් බිලියන 315ක ණය ප්‍රමාණයක් දැරීම මීට ප්‍රධානතම හේතුව බව අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම මෙම ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් කිසිදු සේවකයෙකු බලෙන් ඉවත් කිරීමක් සිදුනොවන බවත් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ යෝජනාවක් ගෙන එන ලෙස අමාත්‍යවරයා මෙහිදී ගුවන් සේවයේ පාලනාධිකාරියට දැනුම් දී ඇත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති