ත්‍රීරෝද රථ රියදුරෙකු කුලී ගමනක් රැගෙන යන මුවාවෙන් කාන්තාවක සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ අටක රන් භාණ්ඩ මුදල් ඇතුලු දේපල රැසක් කොල්ල කා පළා ගොස් ඇතැයි පොලිසිය පවසා ඇත.
මෙම කාන්තාව පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා ගොඩගමට ගොස් නැවත නිවසට යාම සඳහා මාර්ගය ආසන්නයේ රැඳී සිටියදී ත්‍රිරෝද රථයක් කාන්තාව රැඳී සිටි ස්ථානයේ නවතා කුලී ගමනක් යාමට දැයි විමසා කාන්තාව ත්‍රිරෝද රථයට නංවාගෙන ගිය බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.
ත්‍රීරෝද රථ රියදුරු කාන්තාවගේ නිවස පිහිටි ස්ථානය පසු කොට පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් කාන්තාව බිය ගන්වා මරණීය තර්ජනය කොට ඇය සන්තකයේ තිබූ රන් මාලයක් මුදුවක් අත් පළඳනාවක් කරාබු යුගලයක් මුදල් පසුම්බිය සහ ජාතික හැඳුනුම්පත ඇතුළු අත්‍යවශ්‍යය ලිපි ලේඛන රැසක් මංකොල්ලකා පලාගොස් තිබෙන බවට වාර්තා වී තිබේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති