යුක්රේන රුසියා යුද්ධය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තවත් උග්‍ර විය හැකි අතර, ලාංකිකයන් බොහෝ දෙනකුට දිනකට ආහාර වේල් දෙකකින් පිරිමසා ගැනීමට සිදුවනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
රකිමු ජයතු ලංකා සංවිධානයේ “ද්විත්ව අර්බුදය “නැමැති සමුළුව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩි දුරටත් සඳහන් කලේ ආර්ථික අර්බුදයේ බලපෑම තවම පටන් ගත්තා පමණක් බවත් යුක්රේන රුසියා යුද්ධයේ සම්පූර්ණ බලපෑම ශ්‍රී ලංකාව තවමත් අත්විඳ නැතැයි බවත් මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ගෝලීය ආහාර හිඟයක් ඇති වන අතර ශ්‍රී ලංකාවට එහි බලපෑම 2024 දක්වා පවතිනු ඇති බවයි.
ශ්‍රී ලංකාව මේ වසරේ යල සහ මහ දෙකන්නයේ ආහාර බෝග වගා කිරීමට අපොහොසත් වීම නිසා තා ඉක්මනින්ම ලංකාවේ මිනිසුන්ට දිනකට වේල් දෙකක් පමණක් අනුභව කරන්නට සිදුවනු ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති