ගොවි සහ ධීවර ප්‍රජාව වෙනුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ප්‍රකාශ කර තිබේ.
එහිදී එම මණ්ඩලය සඳහන් කළේ සෑම මසකම 7 වැනිදා වන විට ඔවුන් සඳහා විශ්‍රාම වැටුප් ගෙවීමට පහසුකම් සැලසීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවයි.
ඊට අදාළ නව වැඩසටහනක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති අතර රාජ්‍ය නිලධාරින් හරහා එය ක්‍රියාවට නැංවීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප් ලාභීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කර ඇත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති