ඩීසල් මෙට්‍රික් ටොන් 18,825 ක් ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සහ ඛනිජ තෙල් සංස්ථා ගබඩාවල මේ වනවිට පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරයි.
අද (02) උදෑසන 8.30 වනවිට පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
සුපිරි ඩීසල් මෙට්‍රික් ටොන් 42 ක් ද, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 33,498 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 13,067 ක් මෙන්ම ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 386 ක් සංස්ථා ගබඩාවල පවතින බව එම සටහනේ වැඩිදුරටත් සඳහන් වේ.

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති