Lanka Plus News

www.lankaplusnews.com

අජිත් රෝහණ වැඩ භාර ගනී

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ දකුණු පළාත් භාර නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ඊයේ (01) වැඩ භාරගෙන තිබේ.

වැඩ භාරගැනීමට පෙර ඔහු මාතර බෝ සමිඳු වෙත ගොස් ආගමික වතාවන් සිදුකර ආශීර්වාදය ලබාගෙන ඇත.

අජිත් රෝහණ අපරාධ හා රථවාහන දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ද කටයුතු කළ නිලධාරියෙක් වන අතර දකුණු පළාත භාරව කටයුතු කරන දස වැනි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ඔහු පොලිස් ඉතිහාසයට එකතු වනු ඇත.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com