මහ කන්නයේ වී වගාව සදහා අවශ්‍ය යූරිය පොහොර මිලදී ගැනීම සදහා ශ්‍රී ලංකාවට ආධාර කිරීමට ලෝක බැංකුව පොරොන්දු වූ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ ලෝක බැංකුවේ නියෝජිතයින් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම එකඟතාවයට එළඹි බවයි.
එම ආධාර ලැබුනු විගස පොහොර මිලදී ගැනීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරයි.