ජුනි මාසය සඳහා මෙරටට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය විදේශ විනිමය සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා හා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ අනුව ජුනි මාසයේ ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය මුළු මුදල ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 554 ක් බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
දැනට පවතින ඉන්දියානු ණය මාර්ගය හරහා ඩොලර් මිලියන 100ක් පහසුකම් සැලසෙන බවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක් වන තවත් ඉන්දීය ණය පහසුකමක් සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති