ඛනිජ තෙල් නිෂ්පාදන මිල ඉහළ දැමීමෙන් අනතුරුව පාකිස්ථානයේ විදුලි ගාස්තු රුපියල් හතකින් වැඩි කිරීමට සැළසුම් කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවන් මත අඩු ආදායම්ලාභී ජනතාව ආරක්ෂා වන පරිදි මෙම මිල වැඩි කිරීම් සිදුකෙරේ.
පාකිස්ථානය පසුගිය බ්‍රහස්පතින්දා එරට පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල රුපියල් 30 කින් ඉහළ නැංවීමට පියවර ගත් අතර, දිළිඳු ජනතාවට සිදුවන පීඩාව අවම කිරීම සඳහා පවුල් මිලියන 14 කට මසකට රුපියල් 2,000 බැගින් දීමනාවක් ලබාදීමට ද පාකිස්ථාන රජය පියවර ගනු ලැබුවා.
එමෙන්ම පාකිස්ථානය තුළද දැඩි විදුලි අර්බුදයක් පවතින බැවින් මේ වනවිට පැය 12 ක විදුලි කප්පාදුවක් ද සිදු කෙරෙන බවටයි වාර්තා වන්නේ.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්