රට තුළ පවතින ආහාර හිඟය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ කෘෂිකර්ම ක්ෂේත්රයේ නියෝජිතයින් සමඟ අද (27) සාකච්ඡාවක් පැවැත්වුණා.
ප්‍රමාණවත් පොහොර සැපයීම සහතික කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 600ක් අවශ්‍ය වන බව අග්‍රාමාත්‍යවරයා සාකච්ඡාවේදී අනාවරණය කර ඇත.
එවිට නිලධාරීන් දැනුම් දුන්නේ බැංකු විසින් ඩොලර් නිකුත් කළහොත් පොහොර සමාගම්වලට අවශ්‍ය පොහොර ප්‍රමාණය සැපයීමට හැකි වන බවය.
කෘෂිකාර්මික ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම සහ බෙදාහැරීම සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය කෘෂිකර්ම සැපයුම් පනත, නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කර තිබේ.
යුක්රේනයේ පවතින යුද්ධය හේතුවෙන් ලෝකය තිරිඟු සහ පොහොර හිඟයකට මුහුණ පා සිටින බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බවට වාර්තා වෙයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති