වසර දෙකක සිරදඬුවම් නියම වී සිටින ශෂී වීරවංශ මහත්මිය එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව ඇය ඇප මත මුදාහරින ලෙස නීතිඥවරුන් කළ ඉල්ලීම ලබන 30 වනදා සලකාබලන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් තබාගැනීමේ චෝදනාවට වරදකරු වූ ශෂී වීරවංශ ට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් අද (27) වසර දෙකක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර තිබුණා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති