නැගෙනහිර ටිමෝරයේ අද (27) ටිමෝර වේලාවෙන් උදෑසන 11.36 ට පමණ රික්ටර් පරිමාණයේ 6.4ක් සටහන් වූ ප්‍රබල භූ කම්පනයක් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම භූ කම්පනය හේතුවෙන් නැගෙනගිර ටිමෝර අග නගරය වන දිලී හි වැසියන් ගොඩනැගිලි වලින් ඉවත්වී ආරක්ෂිත ස්ථාන වෙත යොමුවී ඇති බවට වාර්තා වෙයි.
මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ඩාර්වින් නගරයටත් කම්පනය දැනී ඇති අතර ඒ හේතුවෙන් සුනාමි තත්ත්වය ඇතිවීමේ අවදානමක් නැතැයි ඕස්ට්‍රේලියා භූ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම භූමි කම්පාව හේතුවෙන් ජීවිත හානි හෝ අනතුරු සිදු වී නැත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති