ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වා ගෙන යන පළුදු නෝට්ටු හුවමාරු කවුළුව බදාදා දිනයන් හි පමණක් විවෘතව තැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සදහන් කළේ මහජනතාව වෙනුවෙන් පවත්වාගෙන යන පළුදු නෝට්ටු හුවමාරු කවුළුව 2022 මැයි 19 වන දින සිට නැවත දැනුම් දෙන තුරු බදාදා දින පමණක් (රජයේ නිවාඩු දිනයන් හැර) විවෘත තැබෙන බවයි.
ඒ අනුව බදාදා දිනයන් හි පෙ.ව. 9.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා මහජනතාවට පළුදු නෝට්ටු හුවමාරු කර ගැනීමට අවස්ථාව හිමිවේ.

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති