ඉදිරි ගමන පිළිබඳව ජාතික සම්මුතියක් ඇති කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන “ආසියාවේ අනාගතය පිළිබඳ 27 වන ජාත්‍යන්තර සමුළුව” (Nikkei) අද (26) වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින ශ්‍රී ලංකාව විසඳුම් සෙවීමේදී අත්‍යාවශ්‍ය ඖෂධ, ආහාර සැපයුම් සහ ඉන්ධන ආනයනය වැනි අවශ්‍යතා සපුරාලීම සහතික කිරීමට මිත්‍ර රාජ්‍යවල සහාය ශ්‍රී ලංකාවට කඩිනමින් අවශ්‍ය බවයි ජනාධිපතිවරයා පෙන්වාදී තිබෙන්නේ.
එසේම මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සහාය සොයා බලන ලෙස සමුළුවට එක්ව සිටින සියලු මිත්‍ර රාජ්‍යයන්ගෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති